ගොවිතැනට හා චූන්පාන් වෙළඳුන්ට අවසර - ඇඳිරිනීතියෙන් බාධාවක් නෑ

බේකරි ආහාර බෙදාහරින ජංගම වෙළෙඳුන් හෙවත් චූන් පාන් වෙළෙඳුන් හට නිවෙස්වලටම ගොස් ආහාර විකිණීමට රජය දැඩි කොන්දේසි මත අවසර දී තිබේ.
ඒ අනුව ආහාර සැපයීමට පෙර අදාල වෙළෙන්දා විෂබීජ නාශක දියර වලින් අතසේදීම අනිවාර්ය වන අතර එය මිලදී ගන්නා පාරිභෝගිකයාද මුදල් ගනුදෙනුවෙන් පසුව කඩිනමින් සබන් හෝ විෂබීජ නාශක දියර යොදා අත සේදිය යුතු බව රජය නිවේදනය කරයි.
කෙසේවෙතත් මෙම වැඩපිළිවෙළ දියත් වන්නේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරින්ගේ පරික්ෂාව යටතේයි.
ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇති බවයි.
1024 Views
Comments