පැති බැම්මට හිරවූ බසයේ එල්ලී ආ දෙදෙනෙක් එතැනම මරුට - කෝපවූ ජනයා බසයට ගිනි තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

පැති බැම්මට හිරවූ බසයේ එල්ලී ආ දෙදෙනෙක් එතැනම මරුට - කෝපවූ ජනයා බසයට ගිනි තබයි

පැති බැම්මට හිරවූ බසයේ එල්ලී ආ දෙදෙනෙක් එතැනම මරුට - කෝපවූ ජනයා බසයට ගිනි තබයි

ගම්පොල පෙරට්ටාසි සිට පුස්සැල්ලාවතෙක් ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් කාච්චමලේ වීඩන් කොටසේදී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පුපුරැස්ස පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් තිබෙන්නේ පෙරට්ටාසි රම්බොඩ පදිංචි 39 හැවිරිදි සුරේන්ජිත් පුෂ්පකුමාර් හා හෙල්බොඩ උතුර කටුකිතුල පදිංචි 20 හැවිරිදි විජය කුමාර් කවිෂ්කර් නැමැති දෙදෙනෙකි.


පවතින ඉන්ධන හිඟය සමඟ ගමන් බිමන් යෑමට වාහන කිසිවක් නොමැති පිරිස මෙම බසයේ දොරේද එල්ලී පැමිණ ඇති අතර ඔවුන් සමග මෙම බස් රථය වීඩන් ප්‍රදේශයේදී මාර්ගයේ පැති බැම්මට හේතු වී ඇත. 

 

ඒ සමගම එයට සිරවී ඇති මෙම දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් සිටි බව පොලිසිය කියයි. 


බස් රථයේ මගින් අසූවක් පමණ ගමන් කොට ඇත.

සිද්ධිය සමග එම ස්ථානයට පැමිණි විශාල වතු ජනයා කෝපයට පත්ව පසුව බස් රථයට ගිනි තැබීම නිසා මෙම බස් රථයද සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී ඇති අතර බස් රථයේ ඇතුලේ සිටි කිසිවකුට හානි සිදුවී නොමැත. 


දොරේ එල්ලී ආ තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. 


බැම්මට හා බස්රථයට සිරවී සිටි දෙදෙනා පිටතට ගැනීමට පැයක් පමණ ගත වී තිබේ.

views

306 Views

Comments

arrow-up