ඊයේ දින හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

ඊයේ දින හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ දින හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 735 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන් 6දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ඊයේ දිනයේදී ද වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ ආසාදිතයින් 158ක් ලෙසයි.

 

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්.

 

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 105 දෙනෙකු වාර්තා වී තිබෙනවා

 

ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

 

මහනුවර 94

 

කළුතර 88

 

කුරුණෑගල 79

 

ගම්පහ 57

 

ගාල්ල 38

 

හම්බන්තොට 27

 

පුත්තලම 16

 

මන්නාරම 13

 

අම්පාර 12

 

අනුරාධපුර 11

 

මාතර 06

 

වව්නියාව 06

 

පොළොන්නරුව 05

 

මාතලේ 05

 

කිලිනොච්චිය 02

 

නුවරළිය 01

 

මඩකලපුව 01

 

කෑගල්ල 01

 

රත්නපුර 01

 

අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්.

 

දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.

 

මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

737 Views

Comments

arrow-up