ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට

2020 අගෝස්තු 05 දින පැවැති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි විය.
ඒ සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරීමට ජාතික ජනබලවේගය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඉහළිම් සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා වන අතර ඔහුට එම අවස්ථාව අහිමිවි තිබීම විශේෂත්වයකි.
736 Views
Comments