උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව, https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රතිඵල සටහනක්  බාගත කර ගැනීම හෝ නිරීක්ෂණය කිර්ම සඳහා පහසුකම් සලසා ඇත.

 

එමෙන්ම , http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk යන  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකිය. 

 

මේ අතර, සියලුම විදුහල්පතිවරුන් හට https://onlineexams.gov.lk/eic සබැඳියට පිවිසීම මඟින් අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිතා කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

 

views

80 Views

Comments

arrow-up