විවාහක පෙම්වතාට රැවටුණු ගුරුවරිය සේසතම නැති කරගනී - අවසානයේ ගුරුවරිය කලදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

විවාහක පෙම්වතාට රැවටුණු ගුරුවරිය සේසතම නැති කරගනී - අවසානයේ ගුරුවරිය කලදේ මෙන්න

විවාහක පෙම්වතාට රැවටුණු ගුරුවරිය සේසතම නැති කරගනී - අවසානයේ ගුරුවරිය කලදේ මෙන්න

බිබිල, යල්කුඹුර ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් විවාහකර ගැනීමට පොරොන්දුවී ඇයගේ මුදලින් රුපියල් විසිතුන්ලක්ෂ තිස්දහස් හයසියයක් වරින්වර වංචනික ලෙස ලබාගත් දෙදරු පියෙකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භකර තිබේ.

 

32 හැවිරිදි ගුරුවරිය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලික රක්ෂණ සමාගමක කළමනාකාරවරයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇත.

 

ඔහු විසින් ඇයගෙන් අවස්ථා ගණනාවකදී මෝටර් රථයක් මිලදී ගැනීම සහ විවිධ අවශ්‍යතාවන් සඳහා අවස්ථා කිහිපයකදී රුපියල් විසිතුන්ලක්ෂ තිස්දහස් හයසියයක් ලබාගෙන තිබේ.

 

ගුරුවරියගේ අනුදැනුම ඇතිව ක්‍රෙඩිට්කාඩ් පතද භාවිතා කරමින් අවස්ථා කිහිපයකදී ඔහු විසින් මුදල් ලබාගෙන ඇත.

 

පෙම්වතා පිළිබඳව සොයාබැලීමේදී ඔහු විවාහකයෙකු බව දැනගැනීමෙන් අනතුරුව ගුරුවරිය විසින් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලිකර තිබේ.

 

මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

views

350 Views

Comments

arrow-up