කාඩ්පතේ නීතිය පමා වෙයි

පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේ දී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත අද සිට අනිවාර්ය කර තිබුණ ද එය බලාත්මක වීමට තවත් සතිදෙක තුනක් ගතවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
මේ අතර, එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම ඊයේ සිට ක්‍රියාත්මක බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුණා.
එම තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමක දී අමාත්‍යවරයා කියා සිටියේ, එන්නත් දෙක ම ලබා නොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීමට අදාළ නීති රාමුවට දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී ඇති බවයි.
777 Views
Comments