පාකිස්තානය අපරාජිතව අවසන් පූර්ව වටයට

20 - 20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර පැවැති තරඟය ලකුණු 72කින් ජයගැනීමට පාකිස්තානය ඊයේ(07) සමත් විය.
තරඟයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.
පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 66ක් රැස්කළ අතර ෂොයිබ් මලික් නොදැවී ලකුණු 54ක් රැස් කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්තයට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 117ක් පමණි.
ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් රිචී බෙරින්ටන් නොදැවී ලකුණු 54ක් සහ ජෝර්ජ් මන්සි ලකුණු 17ක් රැස් කළේය.
ඒ අනුව මෙවර 20 - 20 ලෝක කුසලාන තරඟාවලියේ අපරාජිත කණ්ඩායමක් ලෙස පාකිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
697 Views
Comments