ගම්මන්පිළගේ විශ්වාසභංගය ගැන ජවිපෙ වැට උඩ

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අදාළ විශ්වාසභංග යෝජනාව භාර දීම සඳහා කතානායකවරයාගෙන් වේලාවක් ඉල්ලා ඇති බවද සමගි ජන බලවේගය ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියා.
මේ අතර සමගි ජන බලවේගය නියෝජිතයන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණේ ජනතාවට ඉන්ධන සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින්.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමස්ත ලංකා ධීවර පොදු සේවක සංගමය ද කුඩාවැල්ල ධීවර වරාය ඉදිරිපිට අද විරෝධතාවක් සංවිධානය කර තිබුණා. එසේම ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හික්කඩුව, කරන්දෙණිය, පානදුර සහ වෙන්නප්පුව ප්‍රදේශ වලද විරෝධතා පැවති බවයි වාර්තා වන්නේ.
872 Views
Comments