“ආණ්ඩුව ඇතුළෙම ස්වාධීනව ඉන්නවා, පසුපෙළ හිමි වුණාට දුකක් නැහැ” - ගම්මන්පිල

හෙට(08) මැතිසබය රැස් වූ විට ආණ්ඩුව තුලම ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තමන් ඇතුළු පිරිස දැනට තීරණය කර තිබෙන බව හිටපු බලශක්ති අමාත්‍යය උදය ගම්මන්පිල මහතා ඊයේ(06) පැවසීය.
පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් හිමිවීම ගැන කිසිම පසුතැවීමක් හෝ කනගාටුවක් නැතැයිද ඒ මහතා කියා සිටියේය.
මේ අතර විපක්‍ෂයේ අසුන් ගැනීම පිළිබඳව හෝ ආණ්ඩු පක්‍ෂය තුළ සිටිනවාද යන්න තීරණය කරනු ලබන්නේ හවුල්කාර පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද එම පක්‍ෂවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීවේය.
631 Views
Comments