“දින දහයේ නිරෝධායන ඇඳිරිය අපතේ නොයවන්න” - උපුල් රෝහණ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

“දින දහයේ නිරෝධායන ඇඳිරිය අපතේ නොයවන්න” - උපුල් රෝහණ

“දින දහයේ නිරෝධායන ඇඳිරිය අපතේ නොයවන්න” - උපුල් රෝහණ

අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙස්වලින් පිටතට නොයන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටියි.

 

එසේ සිදු නොකළහොත් පනවා තිබෙන දින දහයේ නිරෝධායන ඇඳිරි නීතිය අපතේ යනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

 

කාර්යාලවලට සේවක සේවිකාවන් කැඳවීමේදී අත්‍යවශ්‍යම අය පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන බවත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන සමයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරමින් ගමන් කිරීමෙන් වළකින ලෙසටද ඉල්ලීමක් කරන බවත්  උපුල් රෝහණ මහතා පැවසුවේය.

views

844 Views

Comments

arrow-up