තිදරු මව අනියම් පෙම්වතා දමා එන්නම බෑ කියද්දී අනියම් පෙම්වතාට සැමියාගෙන් හා දරුවන්ගෙන් ගුටි පූජාවක්

තිදරු මවක් සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවකින් පසු එම කාන්තාව ස්කූටර් වර්ගයේ යතුරුපැදියක නංවාගෙන යමින් සිටි පෙම්වතාට එම කාන්තාවගේ පවුලේ අය විසින් පහරදී තිබෙන අතර මෙම පහරදීම සම්බන්ධයෙන් එක් අයෙකු 07 වැනිදා රාත්‍රයේි තවලම ජැස්මින්වැලි හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පහරකෑමට ලක්වූ පෙම්වතා 38 හැවිරිදි පෙදරේරුවෙකි.
ඔහු හිනිදුම රෝහලට ඇතුළත් කර ඇත. මෙම තිදරු මව 42 හැවිරිදි වියේ පසුවන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර ඇයට වයස අවුරුදු 17, 18 හා 19 වැනි වයස් කාණ්ඩවල පසුවන දරුවන් තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.
පෙම්වතා විසින් තිදරු මව රැගෙන යතුරුපැදියකින් හිනිදුම ප්‍රදේශයේ පිහිටි තම මිතුරෙකුගේ නිවසට පැමිණෙමින් සිට තිබේ.
මේ බව දැනගත් මෙම කාන්තාවගේ සැමියා හා දරුවන් වෙනත් වාහනයකින් මොවුන් පසුපස පැමිණ ඇත.
තවලම ජැස්මින්වැලි හන්දියේ දී පෙම්වතා කොටුකර ගෙන ඇති අතර එම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇතිවී තිබේ.
පසුව ප්‍රදේශවාසීන් විසින් මේ පිළිබඳ පොලිසිය දන්වා දෙපාර්ශ්වයේම අය පොලිසියට භාරදී ඇත.
තිදරු මව යළි නිවසට යෑමට දැඩි අකැමැත්ත ප්‍රකාශ කර ඇති අතර පසුව පොලිසියේ ඉල්ලීම මත දරුවන් සමඟ යළි නිවසට යෑමට කැමැත්ත පළ කර තිබේ.
හිනිදුම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
971 Views
Comments