ගෝඨාගෝගම අරගල භූමියේ තරුණයෙක් පොලිසියෙන් උස්සලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ගෝඨාගෝගම අරගල භූමියේ තරුණයෙක් පොලිසියෙන් උස්සලා

ගෝඨාගෝගම අරගල භූමියේ තරුණයෙක් පොලිසියෙන් උස්සලා

ගාලු‍මුවදොර ගෝඨාගෝගම අරගලභූමියේ දීර්ඝකාලීන මෙන්ම සක්‍රිය සාමාජිකයෙකු වන අමල් සාලින්ද ඊයේ(20) සවස පොලිසිය විසින් රැගෙන ගොස් ඇත.

 

අත්අඩංගුවට ගැනීමට හේතුවක් හෝ වරෙන්තුවක් ඉදිරිපත් කර නොමැති අතර මේවන තුරු ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කවර පොලිස් ස්ථානයෙන්ද යන්නවත් හෙළිදරව් කර නොමැත.

 

මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකරුවන් ඇතුළු විරුද්ධවාදීන් මර්දනය කිරීමේ සහ අතුරුදන් කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති වත්මන් රෙජීමයේ අලු‍ත්ම බිල්ලවී තිබෙන්නේ අමල් සාලින්ද දැයි අරගලකරුවෝ සැක පල කරයි.

 

හෙට දින මෙම පැහැරගැනීම පිළිබඳව අරගලකරුවන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට නියමිතය.

views

293 Views

Comments

arrow-up