“දේශපාලන ස්ථාවරත්වය තවත් සවිමත් කරන්න” - මහ බැංකු අධිපති ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

“දේශපාලන ස්ථාවරත්වය තවත් සවිමත් කරන්න” - මහ බැංකු අධිපති ඉල්ලයි

“දේශපාලන ස්ථාවරත්වය තවත් සවිමත් කරන්න” - මහ බැංකු අධිපති ඉල්ලයි

තවදුරටත් ඉහළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

පොදු එකඟතාවකින් යුතු පාලනය සහ සමාජ සංහිඳියාවෙන් මේ ඉහළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගත යුතු බවද එමගින් ආර්ථික තත්ත්වය තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා මහ බැංකුව මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ගයන්ට සහය වීමට පියවර ගත යුතු බව ද මහ බැංකුව සඳහන් කරයි.

 

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාව මගින් මේ බව අවධාරණය කර ඇත.

 

මේ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රජය විසින් ප්‍රමාණවත් සහ ප්‍රතිපත්ති ගැළපීම් මගින් ශක්තිමත් කළ යුතු බවද එහි සඳහන් වේ.

 

එසේම මහ බැංකුවෙන් මුදල් ණයට ගැනීම මත අධික ලෙස රඳා පැවැතීම වැළැක්වීම සහ මැදිකාලීනව රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය පවත්වාගෙන යෑමට උපකාරී වන රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බවට ද මහ බැංකුව එම වාර්තාව මගින් රජයට නිර්දේශ කර ඇත.

 

එසේම රජය සතු වාණිජ ව්‍යාපාරවල මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා බලශක්ති අංශයේ මිල ගණන් කඩිනම් සහ විනිවිදභාවයෙන් යුක්තව සංශෝධනය කිරීම ප්‍රමුඛතාවක් ලෙස පවතින බවද එහි තවදුරටත් සඳහන් වේ.

views

473 Views

Comments

arrow-up