අධිවේගයේ උඩින් පීනූ මාළුවෝ

මාළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ඊයේ(24) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 15 බණ්ඩාරගම ප්‍රදේශයේදී පෙරළීමෙන් මාර්ගයේ පුරා මාළු විසිරි වාහන ධාවනයට තරමක බාධා ඇති වූ බව අධිවේගී රථ වාහන පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් එක් මංතීරුවක් මීටර් කීපයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවත් පොලිසිය පැවසීය.
කෙරවලපිටිය ප්‍රදෙශයේ සිට මාළු රැගෙන පයාගලට ධාවනය කරමින් තිබූ ලොරියේ පිටුපස රෝදයක් පිපිරීයාමෙන් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයේ වටයක් පෙරළි වම්පසට ඇදීගොස් යකඩ වැට මත එහි පිටුපස කොටස රැඳී තිබුණු බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
අනතුරින් තුවාල ලැබූ රියදුරුට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් එම ස්ථානයේදීම ප්‍රතිකාර කෙරිණි.
අනතුරින් ලොරි රථයට සහ අධිවේගී ආරක්ෂිත වැටට අලාභානි සිදුවී ඇත.
671 Views
Comments