JUL
01
සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට 91 වන වියේ පසුවුණා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් ද වන ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, සූත්තර පුංචා, මල්ලිටයි මටයි ආදී ළමා කෘති ගණනාවක් රචනා කරනු ලැබුවා.
865 Views
Comments