පාතාල කල්ලි 17ක් සොයා STF මෙහෙයුම් අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

පාතාල කල්ලි 17ක් සොයා STF මෙහෙයුම් අරඹයි

පාතාල කල්ලි 17ක් සොයා STF මෙහෙයුම් අරඹයි

බස්නාහිර පළාත හා දකුණු පළාතේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 17ක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පවසයි.

 

ඉන් කණ්ඩායම් 12ක්ම බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබෙනවා.

 

බියවැද්දීම් සහ කප්පම් ගැනීම් සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඒ අනුව එම ක්‍රියා මැඩලීමට මෙම මෙහෙයුම් ආරම්භ කළ බවත් හෙතෙම පැවසුවා.

 

බන්ධනාගාරය තුළ සිට මෙහෙයවනු ලැබූ සංවිධාන අපරාධ මේ වන විට පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස සහ අඟුණකොළපැලැස්සට යොමුකොට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමට හැකි වී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළා.

 

සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම් සහ හදිසි ප්‍රහාරක කණ්ඩායම් කොළඹට කැඳවා බස්නාහිර පළාතේ හඳුනාගත් කලාප හතක මෙහෙයුම් ආරම්භ කොට ඇති බවද ඔහු කියාසිටියා.

 

views

884 Views

Comments

arrow-up