බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ඇපමත නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ඇපමත නිදහස්

බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා ඇපමත නිදහස්

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(16) නියෝගකර තිබේ.

 

බදියුදීන්ගේ නිවසේ 2016 වසරේදී සේවය කළ තරුණියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව මොහොමඩ් ෂියාබ්දීන් අත්අඩංගුවට ගෙන පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරිණි.

 

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටද නියෝග කර සිටියේය.

views

762 Views

Comments

arrow-up