දිවයින පුරා සියලු සිනමා ශාලා අද සිට යළි විවෘත කෙරේ

මාස 03 කට ආසන්න කාලයක් වසා දමා තිබූ දිවයින පුරා සියලු සිනමා ශාලා අද යළි විවෘත කෙරුණා.
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දී ඇති බවයි.
සියලු සිනමා ශාලා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.
විෂබීජහරණය සහ සමාජ දුරස්ථභාවයයි ඉන් ප්‍රමුඛ කරුණු ලෙස දක්වා ඇත්තේ.
කොවිඞ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සියලු සිනමා ශාලා වසා දැමුණේ පසුගිය මාර්තු 14 වැනිදායි.
739 Views
Comments