OCT
07
ලක්ෂ 5ක කේරල ගංජා තොගයක් හසුවේ

ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ(06) සමත් වී තිබෙනවා.
ඔහු සතුව තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 410ක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.
228 Views
Comments