දින 11කට පසු ඉන්ධන නැව නිදහස් කරගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

දින 11කට පසු ඉන්ධන නැව නිදහස් කරගනී

දින 11කට පසු ඉන්ධන නැව නිදහස් කරගනී

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දින 11ක් නැංගුරම් දමා තිබූ ඉන්ධන නෞකාව ඩොලර් මිලියන 42ක් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

ඩීසල් සහ ගුවන් යානා තෙල් මෙටි්‍රක්ටොන් 20,000 බැගින් සහිත මෙම නෞකාව මෙම මස 14 වන දින ශ්‍රී ලංකාවට ළගාවුවද ඩොලර් නොමැතිකම නිසා ඉන්ධන නිදහස් කරගැනීමට නොහැකි වූ බවත් අද(25) ඩොලර් ගෙවා නිදහස් කරගත් බවත් එම නිලධාරියා සඳහන් කළේය.

 

එම ඉන්ධන තොගය හැකි ඉක්මණින් ගොඩබෑමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.  

views

644 Views

Comments

arrow-up