මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි : සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ සහතිකය ගැන අධිකරණයේදී හෙළිවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි : සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ සහතිකය ගැන අධිකරණයේදී හෙළිවේ

මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි : සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ සහතිකය ගැන අධිකරණයේදී හෙළිවේ

දැනට පවතින තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ තම සේවාදායකයා වන ජනාධිපති ලේකම් පි.බි. ජයසුන්දර වෙත ලිපියක් මගින් දන්වා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

 


කොරෝනා වෛරසය ආසාදිතයින් සුවවීමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගනිමින් මරණ අනුපාතය පහළ අගයක් සටහන් වීමෙන් ද ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වෛරසය මර්දනය කර ඇති ආකාරය පැහැදිලි වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සිය ලිපියෙන් සදහන් කර ඇති බව රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියා .

 


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රජය කටයුතු කරමින් නිරෝධන කටයුතු සිදු කර ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පුරුදු ඉදිරියට ද සිදු කිරීම අවශ්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා ඇති බව නීතිඥ රොමේෂ් ද සිල්වා පවසා සිටියා .
කෙසේවෙතත් මෙම වෛරසයට තවමත් එන්නතක් සොයා නොගෙන ඇති බැවින් එය පැතිර යාමේ අවදානම පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කර ඇති බව ද නීතිඥ රොමේෂ් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා

 

views

1407 Views

Comments

arrow-up