කේ. මතිවානන් ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කේ. මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ඉල්ලා අස්වන බවයි.
ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උප සභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවතිය ද වර්තමානයේ කිසිදු වගකිවයුතු කටයුත්තක් ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය තමා හුදකලා කර ඇති බව ද එහි සඳහන් ය.
මේ වන විට සිදුවන ක්‍රියාවලිය තුළ අනාගතයේදී තමා ක්‍රීඩාවෙන් උපයා ගත් කීර්තිනායමට හානී කර ගැනීමට සූදානම් නොමැති බව ද ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
675 Views
Comments