දිවියෝ දෙදෙනෙක් එකම තැන මදුවලට අසුවෙයි - එක් දිවියෙකු මරුට

පුස්සැල්ලාව, හෙල්බොඩ වත්තුයායේ දී දිවියන් දෙදෙනකු මද්දකට හසුවී තිබෙනවා.
ඉන් එක් දිවියෙකු මිය ගොස් ඇති අතර අනෙක් සතා තුවාල ලැබුවා.
තුවාල ලැබූ දිවියා බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් මේ වනවිට උත්සහා දරමින් සිටී.
දඩයක්කරුවන් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම දිවියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා.
උඩරට වතුකරය ආශ්‍රීත ප්‍රදේශවලදී ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දිවියන් රැසක් මෙවැනි ආකාරයේ මදුවලට හසුව මෙම වසරේදි මිය ගොස් ඇති බවත්, ඒ අතර ඉතාමත් දුර්ලභ කළු කොටියෙකුද වු බවත් වැඩිදුරටත් සඳහන්.
850 Views
Comments