ජල බිල්පත් නොගෙව්වොත් වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ජල බිල්පත් නොගෙව්වොත් වැඩ වරදී

ජල බිල්පත් නොගෙව්වොත් වැඩ වරදී

ලබන මාසයේ සිට ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ සැපයුම් විසන්ධි කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

 

රුපියල් මිලියන හය දහසක හිඟ බිල්පත් පවතින බවත් ඒ හේතුවෙන් දින 60ට වඩා වැඩි කාලයක් බිල්පත් නොගෙවූ සියලු ජල පාරිභෝගිකයින්ට නිවේදන නිකුත් කර තිබෙන බවට වැඩි දුරටත් වාර්තා වේ.

 

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරන අන්දමට ලක්ෂ 08 ක පමණ පිරිසක්, ජල බිල්පත් ගෙවීම මාස 03ක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද කර ඇත.

views

212 Views

Comments

arrow-up