තවත් 4දෙනෙකුට සුවයි - සුවය ලැබූ ගණන 42 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 42 ක් වනවා.
කොරෝනා රෝගීන් බවට සැක කෙරෙන රෝගීන් 255 දෙනෙක් අද (07)පෙරවරුව වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 28ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 180 දෙනකු හඳුනාගෙන තිබේ.
කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 02 දෙනෙකු ඊයේ දිනයේ හදුනාගත් අතර අද තවත් ආසාදිතයන් 02 දෙනෙකු හදුනා ගත්තේය.
අද දිනයේ වාර්තා වූ මරණයත් සමඟ මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගියේය.
598 Views
Comments