සජිත්ගේ සන්ධානයේ ලකුණ ගැන නීතිමය තත්ත්ව වාර්තාව හෙට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාවක් හෙට දිනයේදී ලබා දීමට නියමිතව තිබෙනවා.
ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන නව සන්ධානයේ ලකුණ සම්බන්ධව පසුගිය දින කිහිපයේම එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබුණා.
අලියා, හදවත සහ හංසයා යන ලකුණු සම්බන්ධයෙන් එම පක්ෂය නියෝජනය කරන දේශපාලඥයන්ගේ කැමැත්ත පළවී තිබුන ද ඒ සම්බන්ධ එකගතාවයකට එළඹීමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ.
මේ හේතුව මත නව සන්ධානයේ ලකුණ සම්බන්ධව දිගින් දිගමට මතුවූ ගැටලු සම්බන්ධව සැලකිල්ලට ගනිමින් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ කරුණු වාර්තා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ නීතීඥ කණ්ඩායමකට භාර දෙනු ලැබුවා.
693 Views
Comments