ක්‍රිකට් තරඟාවලි පරාජයෙන් පසු පාරේ සිගරට් බොමින් විනෝද වූ ක්‍රීඩකයින්ට ලැබුණු දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

ක්‍රිකට් තරඟාවලි පරාජයෙන් පසු පාරේ සිගරට් බොමින් විනෝද වූ ක්‍රීඩකයින්ට ලැබුණු දඬුවම

ක්‍රිකට් තරඟාවලි පරාජයෙන් පසු පාරේ සිගරට් බොමින් විනෝද වූ ක්‍රීඩකයින්ට ලැබුණු දඬුවම

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර ඊයේ(27) රාත්‍රීයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා වන ධනුශ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් යන ක්‍රිඩකයින්ට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

 

ඒ අනුව ඔවුන්ට එරෙහිව තාවකාලික තහනමක් පැනවීමටත් එම ක්‍රීඩකයින්ව නැවත මෙරටට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

 

එම සිද්ධිය පිළිබඳ ව පරීක්ෂණ නිමවෙන තෙක් එම තාවකාලික තහනම ක්‍රියාත්මක කිරීමටයි ක්‍රිකට් ආයතනය තීරණයකර ඇත්තේ.

 

එසේම නිරෝධායන නීති උළ්ලංඝනය කිරීම මත එංගලන්ත රජය විසින් ඔවුන්ගෙන් දඩ මුදලක්ද අය කිරීමට තීරණය කර තිබෙනවා

views

906 Views

Comments

arrow-up