ගෑස් සමාගම් කරන්න ගිය මගඩිය හෙළි වෙයි.. ගෑස් සිලින්ඩර වහාම ඉවත් කරගන්න - පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම් වලට දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

ගෑස් සමාගම් කරන්න ගිය මගඩිය හෙළි වෙයි.. ගෑස් සිලින්ඩර වහාම ඉවත් කරගන්න - පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම් වලට දන්වයි

ගෑස් සමාගම් කරන්න ගිය මගඩිය හෙළි වෙයි.. ගෑස් සිලින්ඩර වහාම ඉවත් කරගන්න - පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම් වලට දන්වයි

කිලෝග්‍රෑම් වෙනුවට ලීටර් වලින් ගෑස් ප්‍රමාණය සටහන් කර වෙළඳපොළට නිකුත් කළ සියලුම ගෑස් සිලින්ඩර වහාම ඉවත් කරගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරි විසින් වෙන සමාගම් වලට දන්වා ඇත.

 

කිලෝ ග්‍රෑම් 12 .5ක් ලෙස පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18ක් ලෙස සඳහන් ගෑස් සිලින්ඩරයක් දැනට පවතින මිලට වඩා රු.100ක් අඩුවෙන් වෙළඳපොළට නිකුත් කිරීමට ප්‍රමුඛ වැඩේ ගෑස් සමාගමක් කටයුතු කර තිබුණි.

 

ඒ අනුව දැනට පවතින ගෑස් සිලින්ඩරයක මිල රු.1495ක් වන අතර නව සිලින්ඩරයේ මිල රු. 1393කි.

 

නමුත් මෙලෙස අඩු මිලට දෙන ගෑස් වෙන්නේ ජනතාව මුළා කිරීමකි.

 

කිලෝ ග්‍රෑම් 12.5 ක් ලෙස සඳහන් ගෑස් සිලින්ඩරයක ගෑස් ලීටර වලින් 25ක් ඇත. නමුත් නව සිලින්ඩරයේ ඇත්තේ ලීටර් 18ක් පමණි. ඒ අනුව වැඩ රුපියල් 100 ක් අඩු වෙද්දි ප්‍රමාණය ලීටර 7ක් අඩුවී ඇත.

 

පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ හරි නම් මෙම ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 100කින් නොව රු.417කින් අඩු විය යුතු බවයි.

 

ගෑස් සමාගම විසින් පාරිභෝගික සේවා පනත උල්ලංඝනය කර ඇති බව පෙන්වාදෙන අධිකාරිය වහාම වෙළඳපොළට නිකුත්කර ඇති ගෑස් සිලින්ඩර ඉවත් කරගන්නා ලෙස ඔහුට ලිඛිතව දන්වා ඇත.

views

1535 Views

Comments

arrow-up