පාකිස්තාන බාස්මතී සහල් ආනයනයට අනුමැතිය

පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන සහිතව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් පාකිස්තානයේ ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පසුගිය කාලයේදී මෙසේ සහල් පෞද්ගලික අංශය විසින් පාකිස්තානයෙන් ආනයනය කිරීමේදී ප්‍රමිතියෙන් තොර සහල් මෙන්ම විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට පැමිණිලි ලැබී තිබිම හේතුවෙන් සහල් ආනයනය කිරීම රජයේ ආයතන හරහා සිදුකිරීමට නියමිතය.
ඒ අනුව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව/ ලංකා සතොස යන ආයතන හරහා මෙසේ සහල් ආනයනය කිරීමට නියමිතය.
748 Views
Comments