පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට හිස්බුල්ලා කැඳවයි

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.
ඒ අද දින (07) උදෑසන 9ට පමණ ඔහු කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව හිස්බුල්ලා මෙලෙස පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලයාන්“ද ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.
844 Views
Comments