වන අලි ප්‍රහාරයකින් පියා ජීවිතක්‍ෂයට - දියණිය බරපතල තුවාල ලබා රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

වන අලි ප්‍රහාරයකින් පියා ජීවිතක්‍ෂයට - දියණිය බරපතල තුවාල ලබා රෝහලට

වන අලි ප්‍රහාරයකින් පියා ජීවිතක්‍ෂයට - දියණිය බරපතල තුවාල ලබා රෝහලට

සිය දියණිය සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි (62)  හැවිරිදි පුද්ගලයකු වූ වනඅලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

 

සිද්ධියෙන් එම පුද්ගලයාගේ දියණිය ද බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

 

මෙම පුද්ගලයා ඊයේ (16)  පස්වරුවේ යතුරුපැදියෙන් ගල්ලෑව හන්දියේ සිට සිය  නිවස බලා යමින් සිටින අතරතුර මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 

සිද්ධිය  සැලවීමත්සමග  අවට පිරිස් පුද්ගලයා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ඔහුගේ දියණිය අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.

views

82 Views

Comments

arrow-up