රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගංඡා අලෙවි කළ සේවකයෙක් අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී කේරළ ගංඡා අලෙවිකරමින් ජාවාරමක නිරත වු කාර්යාල කාර්ය සහායකවරයෙකු සහ එහි ආරක්ෂක අංශ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
පසුව එම සැකකරුවන් දෙදෙනා රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එහිදී ඔවුන් දෙදෙනා අගෝස්තු 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාමරයක් තුළ තිබී කේරළ ගංඡා කිලෝ ග්‍රෑම් 150ක් පොලිස් භාරයට ගෙන ඇත.
උපාය දූතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පැවසීය.
දිර්ඝ කාලයක් පුරා ලේකම් කාර්යාල පරිශ්‍රයේ මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කර ගෙන තිබේ.
705 Views
Comments