නාකොටික් නිළධාරීන් දෙදෙනෙකු සතු වාහන 7ක් සොයා ගනී

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ සැරයන්වරයෙකුට අයත් බව කියන වාහන 07 ක් සොයාගෙන තිබෙනවා. පල්ලේවෙල, බාඳුරාගොඩ ප්‍රදේශයෙන් සහ මීරිගම ප්‍රදේශයෙන් මෙම වාහන සොයාගෙන තිබේ.
බාඳුරාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකට කුලී පදනම මත ලබා දී ඇති වාහන අතර අදාල ආයතනයේ සේවය කරන පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති වෑන් රථ දෙකක් ද වේ. එම තැනැත්තා අත්අඩංගුවේ පසුවන පොලිස් පරීක්ෂකවරයාගේ ඥාතියෙකු වන බවයි පරීක්ෂණවලදී හෙලි වී තිබෙන්නේ.
ලොරි රථ දෙකක්, වෑන් රථ හතරක් සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගන ඇති අතර එම වාහන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
819 Views
Comments