සර්ව පාක්ෂික සමුළුවට ජවිපෙ සහභාගී නොවන බව දැනුම් දෙයි

මේ මස 23 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට ජාතික ජනබලවේගය තීරණය කර ඇති බව, එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
මේ අතර, අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ද ලබන 23 වනදා පැවැත්වෙන මේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇති බව ඊයේ දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමක් අනුව, මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්.
617 Views
Comments