පළාත් අතර පොදු ප්‍රවාහනය හෙට සිට සාමාන්‍ය පරිදි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

පළාත් අතර පොදු ප්‍රවාහනය හෙට සිට සාමාන්‍ය පරිදි

පළාත් අතර පොදු ප්‍රවාහනය හෙට සිට සාමාන්‍ය පරිදි

මෙතෙක් අත්හිටුවා තිබූ අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය හෙට සිට යළිත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

 

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමේ දී ආසන සංඛ්‍යාව පමණක් මගින් ගෙන ගෙනයාම අනිවාර්ය වන අතර ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස අමාත්‍යවරයා විසින් ලිඛිතවම පොලිසිය දැනුවත් කර තිබෙනවා.

 

කෙසේ නමුත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ හෙට දිනයේ පළාත් අතර ධාවනය කළ හැකි වන්නේ නියමිත බස් රථ සංඛ්‍යාවෙන් 50%ක් පමණක් බවයි.

views

911 Views

Comments

arrow-up