විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළු යොමු කිරිම online පහසුකම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළු යොමු කිරිම online පහසුකම්

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළු යොමු කිරිම online පහසුකම්

රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාළ ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් කම්ප්ලේන් මෙනුව හරහා යොමුකිරීමට හැකියාව පවතිනවා. විදෙස්ගත ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුළත් කිරීමෙන් එම සේවාව ලබා ගත හැකියි. එම පැමිණිලි සඳහා අදාළ පැමිණිලිකරුට යොමු අංකයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මඟින් ලැබෙන අතර අනතුරුව පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමු වු පසුව ඒ පිළිබඳව ද දන්වමින් නැවත ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙනු ඇති.

views

592 Views

Comments

arrow-up