කොරෝනා වෛරසයට ගොදුරු වූ බව කියන හමුදා සාමාජිකයා ගැන යුද හමුදාපති පැහැදිළි කරයි

හමුදා සාමාජිකයෙකුට ද කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් යුද්ධ හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදහස් පළ කළා.
ඒ, කුලියාපිටිය ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට ප‍්‍රතිචාර දක්වමින්.
එහිදී "එහෙම දෙයක් තියෙනවා..පළවෙනි වාර්තාවේ ආසාදිත බවට වාර්තා වුණා. පසුව ගත් වාර්තාවේ එසේ නොවේ කියලා වාර්තා වුණා. අවසන් වශයෙන් ගත්ත එකේ ඔහු ආසාදිතයෙක් නොවන බවටයි වාර්තා වෙන්නේ. ඒක තහවුරු කර ගන්න තවත් පරීක්ෂණ කිහිපයක් කරාවි." යනුවෙන් සඳහන් කෙරුණා.
733 Views
Comments