ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ තරුණයාට වසර 3යි මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ තරුණයාට වසර 3යි මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ තරුණයාට වසර 3යි මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

මාතර - කොළඹ ප්‍රධාන මාර්ගයේ මහනාම පාලම අවහිර කරමින් ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසක් අතරින් පොලිස් අත්අඩංගුවට ගත් තරුණයෙකුට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වසර 3 1/2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රු. 6000ක දඩයක් සමඟ රු. 50,000 ක වන්දියක් ගෙවන ලෙස ඊයේ (06) නියෝග කළේය.

 

අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, අයුතු අවහිරය, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම, රජයේ දේපළවලට පහරදී අනර්තය සිදුකිරීම යන චෝදනාවලට අධිකරණය මගින් ඔහුට දඬුවම් නියම කර තිබේ.

 

මෙහිදී උද්ඝෝෂණයේ නිරත වූ පිරිස පොලිස් ත්‍රිරෝද රථයකට අලාභහානි කර ඇති අතර සිරගත කළ තරුණයාට රු. 50,000ක වන්දි ගෙවීමට නියමකර ඇත්තේ එම රථයට කළ අලාභය සඳහාය. 

 

මෙලෙස දඬුවම් කර තිබෙන්නේ මාතර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයකුටයි.

views

654 Views

Comments

arrow-up