තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කල බිහිසුණු අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කල බිහිසුණු අනතුර

තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කල බිහිසුණු අනතුර

ඇල්පිටිය - මාපලගම මාර්ගයේ කාන්දගහ හන්දිය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 

ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

 

පොලීසිය පැවසුවේ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු සහ පසු පැදිකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනාම මියගොස් ඇති බවයි.

 

30 හැවිරිදි සහ 35 හැවිරිදි ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් අනතුරින් මියගොස් තිබේ.

 

අනතුර සම්බන්ධව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

754 Views

Comments

arrow-up