කොවිඩ් සුව බවට රෝහලෙන් නිදහස් කල රෝගියා නිවසේදී මියගිහින්

කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා රෝහලේ සිට නිවසට පැමිණි පුද්ගලයෙකු නිවස තුළදී ජීවිතක්ෂයට පත්වූ පුවතක් බණ්ඩාරවෙල කහන්තේවල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයෙහි ග්‍රාම නිලධාරී වරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබේ. පසුව ඔහු රෝහලෙන් නිවස වෙත එවා ඇති අතර දින 3කට පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
1491 Views
Comments