ෆොන්සේකා දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහිව අධිකරණයට යයි

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අද (09) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයන් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු මෙන්ම එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා නම්කර ඇත.
පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා සඳහන් කර ඇත්තේ දේශපාලන පලිගැනීම් පිළිඳව විභාග කළ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් තමාද වගකිවයුතු පුද්ගලයකු බවට නම්කර ඇති බවය.
647 Views
Comments