හරින්ගේ පාරේ මනුෂත් යයි - එන්නත එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිවේදනය කර සිටියේ තමන් කොවිඩ් එන්නත ලබා නොගන්නා බවයි.
වරප්‍රසාධ නොව රටේ ජනතාවට එන්නත ලබාදිය යුතු බවයි එම මන්ත්‍රීවරුන් දෙපළ සඳහන් කර ඇත්තේ.
මිට පෙර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයද සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා පවසා සිටියේ තමන් කොවිඩ් එන්නත ලබා නොගන්නා බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රමුඛතාවය විය යුත්තේ බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ප්‍රමුඛ පෙළේ සේවකයින් බවයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබෙනවා.
ඒ නාරහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේ දී. කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේ තමන් කොවිඩ් එන්නත එන්නත්කරණය කර ගත් බවයි.
580 Views
Comments