මර්වින්ගේ පුතා සොයා පොලිසිය ගෙදරට පනී – පුතා පොලිසියටත් පෙර ගෙදරින් පනී

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාගේ පුත් මාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.
පසුගිය මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය යටතේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණා.
ඔහුගේ මැතිවරණ කටයුතුවලට අවශ්‍ය බව පවසමින් ඔහුගේ පුත් මාලක ද සිල්වා මෙලෙස ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති බවටයි පැමිණිල්ල ලැබී ඇත්තේ.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේදී තලංගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිය ද ඔහු එම අවස්ථාවේ නිවසේ රැදී නොසිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ
888 Views
Comments