වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර විශේෂ සාකච්චාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර විශේෂ සාකච්චාවක්

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර විශේෂ සාකච්චාවක්

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අදනී සමාගමට බදු දීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව සාකච්චා කිරීමට වරාය වෘත්තිය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (01) පෙරවරුවේ අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

 

එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට ස්ථීර විසඳුමක් නොලැබුණහොත් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව වරාය වෘත්තිය සමිති සදහන් කරනවා කෙසේවෙතත් වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති යෝජනාවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

 

 

views

717 Views

Comments

arrow-up