ශ්‍රී දළදා මාළිගාවෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

ශ්‍රී දළදා මාළිගාවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී දළදා මාළිගාවෙන් විශේෂ නිවේදනයක්

පැතිර යන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ශ්‍රී දළදා මාලිගාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ශ්‍රී දළදා මාලිගාව භාර ස්වාමින් වහන්සේලා පස් නමකගෙන් සහ කාර්ය මණ්ඩලයේ 115 දෙනෙකු අද rapid antigen පරීක්ෂණ සඳහා යොමු කළ අතර කිසිවෙකුට කොරෝනා ආසාදිත වී නැති බව තහවුරු කෙරුණා.

 

ශ්‍රී දළදා මාලිගාව පොලිස් මුරපොළේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීමේ හේතුවෙන් ආශ්‍රිතව සේවය කළ නිලධාරීන් දෙසිය තිස් එක් දෙනෙක් නිරෝධායනය සඳහා ඊයේ දිනයේ දී යොමු කළා. ආරක්ෂක සේවය සඳහා වෙනත් ප්‍රදේශවලින් නිලධාරීන් අනියුක්ත කර ඇති අතර පැතිර යනප්‍රචාර අසත්‍ය බවයි ශ්‍රි දළදා මාලිගාව සඳහන් කරන්නේ.

 

 

views

793 Views

Comments

arrow-up