රත්ගමදී තරුණයෙකුගේ අත් දෙක වෙන්වෙන්න කපයි

රත්ගම සිරිකදුරවත්තේදී තියුණු ආයුධවලින් එක් තරුණයකුගේ අත් දෙක වෙන්වෙන්ම කපා තවත් තරුණයකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
මග රැක සිටි හයක පමණ කණ්ඩායමක පිරිසක් විසින් මෙම තරුණයන් දෙදෙනාට පහරදී කපාකොටා ඇති බව පොලිසිය කියයි.
සිදුවීම සම්බන්ධයෙන් එකම පවුලේ පුද්ගලයන් තිදෙනකු පහරදිමට යොදාගත් බව කියන කඩු 02ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාලකරුවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති අතර අතේ වැලමිටෙන් ඉහල කොටස දෙකට වෙනවන ලෙස කපා දමා ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
857 Views
Comments