කෙසෙල්වත්තේ කාන්තාවට කොරෝනා වැලදුනු ආකාරය හෙලිවෙ

දින පහකට පමණ පසු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත හමු වූ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවට වෛරසය වැළඳී ඇත්තේ විදේශිකයෙකුගෙන්දැයි සැක පළ වී තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ, ගුවන් යානයේදී ඇය අසළ අසුන්ගෙන සිටි විදේශිකයාගෙන් කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.
විදේශිකයා විටින් විට කැස්ස හැදී ඇති අතර ඇය එම තත්ත්වය පිළිබදව ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
පසුව ඇයට ගුවන් යානයේ වෙනත් අසුනක් ලබාදීමට කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.
මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගියෙකු හමුවීමත් සමග වසා දැමුණු නාගලගම්වීදිය ප්‍රදේශයට අද දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනු දක්නට ලැබුණි.
760 Views
Comments