13ට එරෙහිව භික්ෂූන් වහන්සේලා 5000ක් කොළඹට

13 වන ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්වීමට එරෙහිව අද (08) දිනයේ භික්ෂූන් වහන්සේලා 5000ක් කොළඹට වැඩම වීමට නියමිත බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි.
ඊයේ (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන් වහන්සේ මේ බව පවසා තිබුණි.
13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලතල හා පොලිස් බලතල දීමෙන් රට දෙකඩ නොවන බව කියනවා නම් එහි යථාර්ථය පෙන්වා දීමට උන් වහන්සේලා කැමති බව ද පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසා තිබේ.
තව ද උන් වහන්සේ වැඩිදුරටත් පවසා තිබුණේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදින් ඇරඹෙන සටනට මුළු රටම එක් මිටට ගෙන පෙළ ගස්වන බවයි.
207 Views
Comments