බූස්ස අධි ආරක්ෂිත සිරගෙයක් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

බූස්ස අධි ආරක්ෂිත සිරගෙයක් කරයි

බූස්ස අධි ආරක්ෂිත සිරගෙයක් කරයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව පැය 24 පුරා ක්‍රියාත්මක කරවමින් සහ නව CCTV කැමරා පද්ධතියක් සහිතව බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරි සියල්ල අධි ආරක්ෂිත ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණයක් ගෙන තිබෙනවා.

 

මේ වනවිට බන්ධනාගාරයේ රඳවා ඇති සිරකරුවන් සංඛ්‍යාව 70 ක් වන අතර මීට අමතරව තවත් අධි ආරක්ෂක සිරකුටි කිහිපයක් ඉදිකර සිරකරුවන් 30 දෙනෙකු සිරගත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

 

මේ වන තෙක් ලංකාවේ කිසිදු අධි ආරක්ෂිත සිර ගෙයක් නොමැති අතර "දිවයින" වාර්තා කරන පරිදි පාස්කු ප්‍රහාරයට වරදකරුවන් වන ප්‍රධානතම අන්තවාදීන් කිහිප දෙනෙකු මෙම සිර මැදිරිවල රැඳවීමට නියමිතයි.

views

1521 Views

Comments

arrow-up